අපි ethics වලට අනුව ජීවත් වෙන්න ඕනිද?

නීතියට ප්‍රමුඛත්වය දීම

සමාජයක සාර්ථකත්වය සහ ස්ථාවරත්වය සඳහා නීති සහ රීති පද්ධතියක් අත්‍යවශ්‍ය බව අවිවාදිත කරුණකි. මම ප්‍රමුඛතාවය දෙන්නේ නීති හා රීති වලට — ආචාරධර්ම වලට නොවේ

මගේ මතය: මම ප්‍රමුඛතාවය දෙන්නේ නීති හා නියමයන්ට, ethics වලට නොව

මට සෑම විටම විශ්වාසය තියෙන්නේ සමාජයෙහි සාමකාමීභාවය සහ ක්‍රමවත් බව රැකගැනීමට නීති හා නියමයන් යනු අත්‍යවශ්‍ය මෙවලම් බවයි. Ethics නම් වර්ණාභේද සහ අර්ථ නිරූපණ ගැටලු ඇති විය හැකි, පුද්ගලික හෝ සංස්කෘතික හැඟීම් මත පදනම් වූ සංකල්පයකි. එය පුද්ගලයකුගේ මතය, ආගම, හෝ පසුබැසීම අනුව වෙනස් විය හැක. නමුත් නීති සහ නියමයන් නම් සියලුදෙනාට සමානව අදාළ වන, පැහැදිලිව සලකා බලන ලද, ලිඛිත මාර්ගෝපදේශයෙකි.

උදාහරණයක් ලෙස, මනුෂ්‍යයන් විවිධ ethics මතපිට යුක්තිගත කරමින් ක්‍රියා කරත්, නීතියක් හරහා ඔවුන්ට සීමාවක් යටතේ ක්‍රියා කල යුතුය. මගේ මතය නම් — සමාජයෙහි සැලකිලිමත් හා සාධාරණ ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා ethics වලට වඩා නීති පදනමක් වශයෙන් වඩා විශ්වාසවත්ය.

Ethics වෙනස් විය හැක. නීති පිළිපදින්නට යුතුය. එබැවින්, මම මගේ දෛනික ජීවිතයේත්, වෘත්තීය ක්ෂේත්‍රයේත් තීරණ ගන්නා විට ethics වලට නොව, නීති හා නියමයන්ට ප්‍රමුඛතාවය දෙනවා.

මේක මගේ මතයක් පමනයි.

මෙහෙම හිතලා බලන්න — ඔබ ethics කියන වචනයෙ පිටුපස ඇති සංකල්පය අරගෙන කෙනෙකුට ඔබට අයුතු ක්‍රියාවක් කළා නම්, ඒ කෙනා කියන්නේ “මගේ ethics අනුව මේක හරි” කියලා නම්, ඔබට ඔහුට විරුද්ධ වන්න ඇති grounds එක මොකක්ද?

මෙහිදී ethics කියන්නේ සාරවක් නැති වාතාවරණයක් වගේයි. විටෙක සන්සුන්, විටෙක තද සුළඟක්. ඒක සංස්කෘතියෙන්, ආගමෙන්, පුද්ගල මතයෙන්, කාලය අනුවත් වෙනස්වෙයි. Ethics කියන එක විවිධ මිනිසුන්ට විවිධ මතයන් විය හැක. එහෙම වෙද්දි, සමාජයක් ක්‍රමවත්ව පවත්වාගෙන යන්න විශ්වාසය දැමිය යුත්තේ ethics වලට නෙවෙයි, නීතියට (law).

🧭 නීතිය කියන්නේ සමාජ එකඟතාවයයි

Ethics කියන්නේ “මට හිතෙන්නේ මේක හරි” කියන හැඟීමක්. නීතිය කියන්නේ “සියලුදෙනාට සමානව ක්‍රියාත්මක වෙන”, සමාජයෙහි එකඟතාවයකින් සාදාගත් ක්‍රමයකි. ඒක subjective නොවෙයි — objective ය.
උදා: මම කිසිදා මිනිමරනයක් හරි කියන්නෙ නෑ — නමුත් වසර දහස් ගණනක් ethics ක්‍රම තුළ “warrior ethics” කියලා මිනි මරා සෙරිනම හදපු උරුමයක් තියෙනවා.

අද අපිට වැදගත් වන්නේ, ඒ හැම ethics එකම පිළිගන්න එකක් නෙවෙයි —
සියලුම අයෙට යෙදෙන නීති රෙගුලාසි එක මට්ටමකට අරගෙන එන එක.

⚖️ Ethics අසුරෙන් යුක්තිය ලබාගන්න විදිය අඳුරුයි

මම කිසිම විටෙක “ethics වැදගත් නැහැ” කියන්නේ නෑ. එය මිනිස් හැසිරීම්වල ආත්මය වගේ. නමුත් ඒක guideline එකක් විතරයි.
අද ethics එක හොඳ කියන දේ, හෙට සමාජය කියන්න පුළුවන් “අසභ්‍යයි” කියලා.

උදා: පසුගිය දශක කිහිපයකින් LGBTQ+ සම්බන්ධ ethical අවබෝධයන්ද, කාන්තා අයිතිවාසිකම් සම්බන්ධ ethics එකද බෙහෙවින් වෙනස් වුණා. නමුත් මේ හැම විකස්සීමක්ම හඳුන්වාදෙන්නේ නීති මඟින් — law reforms, human rights acts, equality bills වගේ.

🛡️ මානව නිදහස රැකෙන්නේ නීතියෙන්

මම විශ්වාස කරනවා, මාගේ නිදහස, ආරක්ෂාව, සහ ජීවිතයේ සාධාරණය රැකෙන්නේ ethics වලින් නොව, නීතියෙන්.
මොකද ethics කියන්නේ හැමෝටම එක විදිහට අදාළ වෙන්නෙ නෑ. නීතිය එසේ නොවෙයි — ඒක කියන්නේ “ඔබ කවුරුන්ද?” කියලා නොමැතිව “ඔබ කලේ මොකක්ද?” කියලා.


ඒ නිසා,
මම ethics වලට නොව, නීතියටයි ප්‍රමුඛතාවය දෙනෙ.

gihan sankalpa
gihan sankalpa

I'm gihan sankalpa. I am an entrepreneur, an ethical hacker, a programmer, and a thinker.

Articles: 11

4 Comments

Leave a Reply to gihan sankalpaCancel Reply

Your email address will not be published. Required fields are marked *