කෘත්‍රීම බුද්ධිය එහෙමත් නැත්තම් artificial intelligence ගැන සරලවම ගතහොත් ඒකේ අදහස තමයි මිනිසාවගේ පරිකල්පනය කිරීමේ හැකියාවක්, තනිවම සිතීමේ හැකියාවක් ප්‍රශ්නයකට පිලිතුරක් තනිවම සිතීමේ වගේ ස්වාධීන බුද්ධිමත් හැකියාවක් යන්ත්‍රයක් තුලින් ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව.
කෘත්‍රීම බුද්ධියේ ක්‍රියාකාරීත්වය
මිනිසාගේ මනස හා පරිගණකයක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා බැලීමට උදාහනයක් ගමු.

මම දෙනවා ඉහත ගනිත ගැටලුව විසදීමට පරිගණකයකට සහ මිනිසෙකුට,
සාමාන්‍ය මිනිසෙකුට එය විසදීමට තත්පර 30ක වගේ කාලයක් යනවා නමුත් එය පරිගණකය විසින් තත්පරයෙන් මිලියනයන දහයෙන් පන්ගුවක් විතර ගත කරනවා. මේකෙන් අපිට තේරුම් ගත හැකි කාරිය තමයි මිනිසුන්ට වඩා ගනනය කිරීම් වලදී පරිගණකයක් ගොඩක් ඉදිරියෙන් සිටින බව . නමුත් අපි ඊට වඩා බුද්ධියක් අවශ්‍යවන ගැටලුවක් විසදීමට දෙමු

මේ පෙනෙන රූපයේ traffic light වල රූප වෙන වෙනම අදුරගන්න කිවුවොත් මිනිසෙකු මෙය ඉතා සරලව කරියි නමුත් computer එකකට මෙය එක පාර කවදාවත් කරන්න බැහැ.
මෙයට හේතුව තමයි computer power එකකට වඩා එහා ගිය බුද්ධිමත් බාවයක් අවශ්‍ය වෙනවා මෙය නිරාකරණය කිරීමට.
ඔයාල හිතයි මේ වගේ සරල දෙයක් කරන එක ඉතාමත් සරල දෙයක් කියලා නමුත් එයට අති සන්කීර්ණ මානසික ක්‍රියාවලියක් අවශ්‍ය වෙනවා.
පරිගණකයක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රොනික පරිපත විශාල ගනනකින් සෑදුනු උපකරණයක් . පරිගණකය වැඩ කරන්නේ 1 සහ 0 ඉලක්කම් පදනම් කරගෙන පරිගණකය 1 හා 0 අදුර ගන්නේ ඒ පරිපථයක් තුලින් විද්‍යුත් විභවයක් තියෙනවද නැද්ද කියන එක මගින්.
මේ වගේ තාර්කික පරිපථ මිලියන ගානක් එකතු වීමෙන් තමයි පරිගණකයට තාර්කික හැකියාවක් ලැබෙන්නේ. අපේ මොලය තුල ක්‍රමවේද සකස්වන ආකාරය දැන ගත්තහම මේක පරිගණකයක් තුල සකස් කිරීම තමා කෘත්‍රීම බුද්ධියේ මුල් පියවර.



